ආයතන සංග්‍රහය කාණ්ඩ 02කි. පළමු කාණ්ඩය I සිට XXXIII දක්වා හා XXXVI යන පරිච්ඡේදවලින් ද, දෙවන කාණ්ඩය XLVII හා XLVIII යන පරිච්ඡේදවලින් ද සමන්විත වේ.
ආයතන සංග්‍රහයේ පළමු කාණ්ඩය 1972.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 1972 වර්ෂයේ දී මුල්වරට සංගෘහිත ග්‍රන්ථයක් ලෙස නිකුත් කර ඇති අතර, එහි පළමු සංශෝධනය 1985.09.01 දිනැතිවත්, දැනට බලාත්මක සංශෝධනය 2013.07.08 දිනැතිවත් නිකුත් කර ඇත.
ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩය 1974 වර්ෂයේ දී මුල්වරට සංගෘහිත ග්‍රන්ථයක් ලෙස නිකුත් කර ඇති අතර, එහි පළමු සංශෝධනය 1981.04.08 දිනැතිවත්, දැනට බලාත්මක සංශෝධනය 1999.08.02 දිනැතිවත් නිකුත් කර ඇත.
ආයතන සංග්‍රහය අමාත්‍ය මණ්ඩල අනුමතිය මත රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කරනු ලබන අතර එහි සඳහන් විධිවිධාන සංශෝධනය කිරීම අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය මත රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කරනු ලබන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මඟින් සිදු කරනු ලැබේ.
කලාප අධ්‍යාපන කාර්යාලය,අම්බලන්ගොඩ
සඳුදා – සිකුරාදා: පෙ.ව
8:00 – ප.ව 4:00
නවතම තොරතුරු වාර්තා මෙන්ම කලාප කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන් තොරතුරු ඔබ වෙත ගෙන්වා ගැනීමට සම්බන්ධ වන්න.