ශිෂ්‍ය ශිෂ්‍යාවන්
0
ගුරු විදුහල්පතිවරුන්
0
පාසල්
0
අධ්‍යාපන කොට්ඨාශ
1

කලාප අධ්‍යාපන කාර්යාලය අම්බලන්ගොඩ

දක්ෂිණ ශ්‍රී ලංකාවේ ‍‍‍‍‍ඵෙතිහාසික අම්බලන්ගොඩ නගරය ආශ්‍රිත කරගෙන පිහිටි අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6ක්  පුරා විහිදෙන පාසල් ජාලයකින් සමන්විත වේ. අධ්‍යාපන කොට්ඨාස තුනක් සදහා වෙන් කොට ඇති අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපය දකුණු පළාතේ ප්‍රධාන කලාපයකි.

21 වන සියවසේ විශිෂ්ඨත්වය කරා ගමන් කරන ශ්‍රී ලාංකික පරපුරක් දකුණු පළාත තුළ අම්බලන්ගොඩ කලාපයෙන් බිහි කිරීම සඳහා ඉතා ඉහළ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමත් ඒ සඳහා පහසුකම් සැපයීමත් ඊට දායක වන සියලු පාර්ශවයන් සඳහා තෘප්තිමත් සේවා සම්පාදනයක් අරමුණු කරගත් අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව, දකුණු පළාත් අධ්‍යාපන  අමාත්‍යාංශය හා රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව සැලසුම් සහගත කාර්යභාරයක් ඉටු කරන ප්‍රමුඛ ආයතනයකි.

දැක්ම

ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම කලාප අධ්‍යාපන කාර්යාලය බවට පත් වීම

මෙහෙවර

අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පවත්නා භෞතික හා මානව සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් මෙහෙයවීම.

උපරිම ඵලදායිතාවයක් ඇති කරමින්  – නිපුණතා පූර්ණ පුරවැසියන් රටට දායාද කිරීම.

අපගේ අංශ

කලාප කාර්යාලය තුල ප්‍රධාන අංශ හයක් යටතේ කාර්යන් සිදු කරයි.

අධ්‍යාපන පරිපාලන අංශය

පාසල්වල පරිපාලන කටයුතු සම්බන්ධයෙන් උපදෙස් සැපයීම, අවශ්‍ය මැදිහත් වීම් සිදුකිරීම.

අංශය වෙත යන්න

අධ්‍යාපන සංවර්ධන අංශය

සිසුන්ගේ අධ්‍යාපන තත්ත්වය ගුණාත්මක ලෙස පවත්වා ගැනීම.

අංශය වෙත යන්න

සැලසුම් අංශය

මානව හා භෞතික සම්පත් පිළිබඳ සංඛ්‍යාත්මක විස්තර හා තොරතුරු පවත්වා ගනිමින් අවශ්‍ය පරිදි භාවිත කිරිම, බෙදා හැරීම, විශ්ලේෂණය කිරීම

අංශය වෙත යන්න

මූල්‍ය අංශය

කලාප අධ්‍යාපන කාර්යාලයකින් ඉටු වන සේවාවන් විධිමත්ව සිදු කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය කළමනාකරණය සිදු කිරීම.ගිණුම් සහ වැටුප් ලෙස ප්‍රධාන අංශ දෙකකි.

අංශය වෙත යන්න

ආයතන හා පාලන අංශය

අධ්‍යාපනයේ ක්ෂේත්‍රවල යාන්ත්‍රණය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම.සාමාන්‍ය පාලන සහ ගුරු ආයතන ලෙස ප්‍රධාන කොටස් දෙකකි.

අංශය වෙත යන්න

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ පණිවුඩය

අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් විවිධ මතවාද හා සංවාද තිබුණත් බොහෝ දෙනෙකුගේ ජීවිත කෙරෙහි සුවිශේෂි බලපෑමක් සිදු කළ හා සිදු කරන ප්‍රධානත ම කරුණ වන්නේ අධ්‍යාපනය යි. කෙටියෙන් කියතොත් අධ්‍යාපනයෙන් තොර මිනිසෙකුවත් සමාජයක්වත් නැති තරම් ය.

කොතෙක් අඩුපාඩු මධ්‍යයේ වුව ද අප අධ්‍යාපනයෙන් සමාජයක් ලෙස සුවිශාල ජයග්‍රහණ අත්කරගෙන නැතුවම නොවේ. උගතුන්, වියතුන්, බුද්ධිමතුන්, ප්‍රබුද්ධයින්, ප්‍රභූන් ලොවට බිහිකලේ මෙරටේ අධ්‍යාපනයේ බල මහිමයෙනි.

වර්තමානයේ දී නව ලොවට උචිත වන ලෙස අධ්‍යාපනයේ මංපෙත් සැකසීම අධ්‍යාපන නිලධාරින් ලෙස අප හැමගේ වගකීමකි. එහි දී ශිෂ්‍ය ප්‍රජාවට අමතරව, අධ්‍යාපන නිලධාරීන්,ගුරු උපදේශකවරුන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනෙකුත් අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයන් හා දෙමාපියන් යන සියළු දෙනාටම එක්ව ජයග්‍රහණය සඳහා ගමන් කිරීමේ දී අවශ්‍ය වන නිවැරදි, නිරවුල් දත්ත, නිර්මාණශීලී අධ්‍යයන අවකාශ හා සන්නිවේදන පහසුකම් සහිත තාක්ෂණික අත්වැල සැපයීම සඳහා මෙම වෙබ් පිටුව නිර්මාණය කරන ලදී.

අනුරුද්ධිකා කලෙහෙවත්ත ,
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

Upcoming Events

See All Events
02 Jan 2021
Conference

The Strategically Build Your Business

January 2, 2021 @ 15:00 - 19:00
32 Quincy Street, Cambridge, MA
19 Apr 2021
Entertainment

The International Coffee Festival 2021

April 19, 2021 @ 09:30 - 13:00
15 Champions Center, Crewey

පුවත් සහ දැනුම්දීම්

කලාප කාර්යාලය මගින් සිදුකරන ලබන දැනුම්දීම් සහ නවතම පුවත්

ඔබට අවශ්‍ය සේවා

කලාප අධ්‍යාපන කාර්යාලය මගින් ඔබට සිදුකරගත යුතු සේවා සහ ඒවාට අවශ්‍ය ලිපි ලේඛන ගතවන කාලය පිළිබඳව පහත සබැඳි මගින් දැනුවත් විය හැක.