අධ්‍යාපන සංවර්ධන අංශය

කලාපයේ සිසුන්ගේ අධ්‍යාපන තත්වය ගුණාත්මක ලෙස පවත්වා ගැනීමේ ප්‍රධාන කාර්යභාරය පැවරෙන්නේ අධ්‍යාපන සංවර්ධන අංශයටයි. මෙම අංශය යටතේ පාසල් විෂය මාළාවට අදාල සියළු ම විෂය සංවර්ධනයට අවශ්‍ය කාර්ය සිදු කරන අතර සිසුන්ගේ සාදන මට්ටම් අධ්‍යනය කරමින් පාසල් පද්ධතිය වෙත අධ්‍යාපන සංවර්ධන සඳහා අවශ්‍ය මැදිහත් වීම්ද සිදු කරනු ලබයි. පාසල් වාර පරීක්ෂණ, ප්‍රතිඵල විශ්ලේෂණය, ගුරු සංවර්ධන වැඩසටහන්, විෂය සංවර්ධන වැඩසටහන්, විෂයානුබද්ධ තරඟ, ශිෂ්‍ය සාධනය ඉහල නැංවීමේ වැඩසටහන් ආදී කටයුතු මෙන්ම පාසල්වල අධ්‍යාපන ගුණාත්මක තහවුරුව සඳහා ද වගකීම මෙම අංශය වෙත පැවරේ.

අංශ ප්‍රධානි

M.G.K Lakmali

එම්.ජී.කේ ලක්මාලි මිය
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන)

අධ්‍යාපන සංවර්ධන අංශයේ කාර්ය

  • අධ්‍යාපන ප්‍රතිපත්ති හා නියමිත විෂයමාලාව ක්‍රමවත්ව ක්‍රියාත්මක වීම සම්බන්ධව වගකීම හා වගවීම
  • අධ්‍යාපන ආංශික සංවර්ධන ප්‍රවේශ රාමුව හා වැඩසටහන්වලට අදාළ ව වාර්ෂික මධ්‍යකාලීන, පස් අවුරුදු සැලසුම් සකස් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම
  • අනුමත සැලසුම් ක්‍රියාත්මක කිරීම, ප්‍රගති සමාලෝචනය හා නියාමනය සිදූ කිරීම
  • පාසල්වල විෂය සමගාමි, විෂයානුබද්ධ කටයුතු සංවිධානය සඳහා මග පෙන්වීම
  • විෂයමාලා නවීකරණ හඳුන්වා දීම හා ක්‍රියාත්මක කිරීම
  • විෂය අධ්‍යක්ෂවරුන්ගේ හා ගුරු උපදේශකවරුන්ගේ කාර්ය ප්‍රගති සමාලෝචනය සිදූ කිරීම
  • පාසල් වෙත ලබා දී ඇති ව්‍යාපෘති ප්‍රදාන හා ගුණාත්මක යෙදවුම් පිළිබඳ විෂය අධ්‍යක්ෂවරු මඟින් නියාමනය කොට ප්‍රගතිය ලබා ගැනීම
  • අවස්ථානුකූල ව විෂය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • ශිෂ්‍ය සාධන මට්ටම් විශ්ලේෂණය කිරීම සහ එමගින් අනාවරණය වන කරුණු මත අධ්‍යාපන ගුණාත්මක තත්වයන් වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීම
  • ගුරු කාර්ය මණ්ඩල ධාරිතා සංවර්ධනය සඳහා ක්‍රියාමාර්ග ගැනීම සංවිධානය හා ක්‍රියාත්මක කිරීම
  • කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හා අනෙකුත් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපන සංවර්ධන කටයුතු සදහා උපදේශනය, ඇගයීම හා නියාමනය සිදූ කිරීම
  • කලාප මට්ටමේ විෂයානුබද්ධ තරත සංවිධානය හා පැවැත්වීම
  • පාසල්වල බාහිර ඇගයීම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ගුණාත්මක දර්ශකය සකස් කිරීම හා සංවර්ධන අවශ්‍යතා හඳුනා ගෙන ඒ අනුව කටයුතු කිරීම
  • පාසල්වල බාහිර ඇගයීම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ගුණාත්මක දර්ශකය සකස් කිරීම හා සංවර්ධන අවශ්‍යතා හඳුනා ගෙන ඒ අනුව කටයුතු කිරීම
  • විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා නොවිධිමත් අධ්‍යාපන කටයුතු මෙහෙයවීම හා ක්‍රියාත්මක කිරීම
  • විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා නොවිධිමත් අධ්‍යාපන කටයුතු මෙහෙයවීම හා ක්‍රියාත්මක කිරීම
  • විදූහල්පති, ගුරු කාර්යසාධන ඇගයීම් නියාමනය හා පසු විපරම සිදූ කිරීම
  • පෙර පාසල් නියාමනය හා අදාළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • විදුහල්පති හා ගුරු ඇගයීම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • අධ්‍යාපන පර්යේෂණ සිදූ කිරීම හා අනාවරණ පදනමි කර ගනිමින් ව්‍යාපෘති යෝජනා සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම

අධ්‍යාපන අධ්‍යක්ෂක මණ්ඩලය (විෂයන්ට අදාළව)

බී.ඒ.එම් ද සිල්වා මිය
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
(තොරතුරු තාක්ෂණය)

M.G.K Lakmali

එම්.ජී.කේ ලක්මාලි මිය
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ඉංග්‍රීසී)

එම්. ගාමිණි චාමින්ද මයා
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
(ප්‍රාථමික)
(විශේෂ අධ්‍යාපන)

L.S Mendis

එල්.එස් මෙන්ඩිස් මිය
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
(ගණිතය)
(ඉංජිනේරු තාක්ෂණවේදය)
අ.පො.ස. (උ.පෙළ) කලා විෂය ධාරාව

ඩබ්.ඒ.ඩි.ජේ. සම්පත් ජයසේන මයා
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
(සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා)

එම්.එච්. හර්ෂනී සම්පත් මිය

එම්.එච්. හර්ෂනී සම්පත් මිය
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
(සෞන්දර්ය)

ඒ.පී.ඩී.ඕ වාස් ගුණවර්ධන මිය

ඒ.පී.ඩී.ඕ. වාස් ගුණවර්ධන මිය
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
(වාණිජ)

කේ.ජී.ඩි.සී ජයසිංහ මිය

කේ.ජී.ඩි.සී ජයසිංහ මිය
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
(කෘෂිකර්මය)
(කෘෂි හා ආහාර තාක්ෂණවේදය )
(පරිසරය)
(ජෛව පද්ධති තාක්ෂණවේදය)
(ආගමික විෂයන්)

පී.එච්.බී.ජී ද සිල්වා

පී.එච්.බී.ජී ද සිල්වා මිය
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
(විද්‍යාව)
(තාක්ෂණවේදය සඳහා විද්‍යාව)

කේ.ටී.ජයසේකර මිය
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
(සිංහල භාෂාව හා සාහිත්‍ය)
(සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය)

ඒ.එන්.මල්ලවආරච්චි මිය
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
(මානව ශාස්ත්‍ර විෂයන්)
(දෙවන බස- දෙමළ)
(ගෘහ විද්‍යාව)

කාර්ය මණ්ඩලය

නදීෂා කල්පනී විතාරණ මිය
කළමනාකරණ සේවා නිළධාරී
ශ්‍රේණිය II
අංශ ප්‍රධානි

  • විෂය නිලධාරි කටයුතු අධික්ෂණය
  • සංවර්ධන අංශයට අදාළ තැපෑල බෙදා හැරීම
  • විෂය සංවර්ධන වැඩසටහන් වල මාසික ප්‍රගති වාර්තා අදාළ අංශ වෙත යොමු කිරීම
  • වාර්ෂික සැලැස්ම සකස් කිරීම
  • ප්‍රාථමික අධ්‍යාපනයට අදාළ රාජකාරි
  • ප්‍රජා සම්බන්ධ හා සම්බන්ධීකරණයට අදාළ රාජකාරි
  • ගුරු මධ්‍යස්ථාන හා ගුරු විද්‍යාල වලට අදාල රාජකාරි කටයුතු
  • විෂයන්ට අදාල වන පරිදි ගුරු තොරතුරු, ශිෂ්‍ය සංඛ්‍යා තොරතුරු හා ප්‍රතිඵල ලේඛන ආදි තොරතුරු ඇතුලත් ගොනුවක් නඩත්තු කිරීම

කේ.එල්.ජී කුමුදුනි නිර්මලා මිය
සංවර්ධන නිලධාරී සේවය
ශ්‍රේණිය II

  • විෂය සංවර්ධන වැඩසටහන් වල මාසික ප්‍රගති වාර්තා අදාළ අංශ වෙත යොමු කිරීම.
  • සිංහල භාෂාව, සිංහල රස්වාදය විෂයන්ට අදාල සියලු රාජකාරි කටයුතු
  • පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන්'
  • සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය කටයුතු විෂයන්ට අදාල වන පරිදි තොරතුරු, ශිෂ්‍ය සංඛ්‍යා තොරතුරු හා ප්‍රතිඵල ලේඛන ආදි තොරතුරු ඇතුලත් ලේඛන නඩත්තු කිරීම

ඩි.ටී.එස්.සී. විජේසේකර
සංවර්ධන නිලධාරී
ශ්‍රේණිය II

  • විෂය සංවර්ධන වැඩසටහන්වල මාසික ප්‍රගති වාර්තා අදාළ අංශ වෙත යොමු කිරීම.
  • සෞන්දර්ය විෂයන්ට අදාල රාජකාරි කටයුතු
  • විදුහල්පති හා ගුරු ඇගයීම් වලට අදාල සියලු රාජකාරි
  • තිරසාර පාසල් සංවර්ධන වැඩසටහනට අදාළ රාජකාරි
  • විෂයයන්ට අදාල වන පරිදි ගුරු තොරතුරු, ශිෂ්‍ය සංඛ්‍යා තොරතුරු හා ප්‍රතිඵල ලේඛන ආදි තොරතුරු ඇතුලත් ලේඛනයක් නඩත්තු කිරීම
එන්.නිරෝෂා මිය

එන්. නිරෝෂා මිය
සංවර්ධන නිලධාරී
ශ්‍රේණිය II

  • විෂය සංවර්ධන වැඩ සටහන්වල මාසික ප්‍රගති වාර්තා අදාළ අංශ වෙත යොමු කිරීම
  • ඉංග්‍රීසි විෂය / ඉංග්‍රීසි සාහිත්‍ය විෂය / ප්‍රායෝගික ඉංග්‍රීසි උපකාරක මධ්‍යස්ථාන වලට අදාල රාජකාරි
  • විදේශ භාෂා හා ද්වි භාෂා විෂයන්ට අදාළ සියළු රාජකාරි
  • විෂයයන්ට අදාල වන පරිදි ගුරු තොරතුරු, ශිෂ්‍ය සංඛ්‍යා තොරතුරු හා ප්‍රතිඵල ලේඛන ආදී තොරතුරු ඇතුලත් ගොනුවක් නඩත්තු කිරීම

ඊ. සජි ප්‍රියංක ද සිල්වා මයා
කළමනාකරණ සේවා නිලධාරී
ශ්‍රේණිය III

  • විෂය සංවර්ධන වැඩ සටහන්වල මාසික ප්‍රගති වාර්තා අදාළ අංශ වෙත යොමු කිරීම.
  • උ.පෙළ කෘෂි විද්‍යාව, කෘෂි හා ආහාර තාක්ෂණ විෂය, ජෛව පද්ධති තාක්ෂණ විෂයන්ට අදාල රාජකාරි කටයුතු
  • ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාල රාජකාරි කටයුතු පරිසරය විෂයට අදාල රාජකාරි කටයුතු
  • බුද්ධ ධර්මය/බෞද්ධ සංස්කෘතිය විෂයයට අදාල රාජකාරි කටයුතු
  • ප්‍රායෝගික තාක්ෂණික කුසලතා, නිර්මාණ කරණය හා තාක්ෂණ වේදය, ශිල්ප කලා විෂයන්ට අදාල රාජකාරී
  • සංවර්ධන අංශයට අදාල වන මිලදී ගැනීම, අලුත්වැඩියා කිරීම පිළිබඳ සොයා බැලීම
  • විෂයයන්ට අදාල වන පරිදි ගුරු තොරතුරු, ශිෂ්‍ය සංඛ්‍යා තොරතුරු හා ප්‍රතිඵල ලේඛන ආදි තොරතුරු ඇතුලත් ගොනුවක් නඩත්තු කිරීම

එම්.එස්.සී.කේ. මෙන්දිස් මිය
සංවර්ධන නිලධාරී
ශ්‍රේණිය III

  • විෂය සංවර්ධන වැඩ සටහන්වල මාසික ප්‍රගති වාර්තා අදාළ අංශ වෙත යොමු කිරීම.
  • විද්‍යාව /භෞතික විද්‍යාව / රසායන විද්‍යාව / ජීව විද්‍යාව / තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයන්ට අදාළ රාජකාරි කටයුතු
  • නව නිපැයුම් නිර්මාණ කටයුතු වලට අදාල රාජකාරී
  • තොරතුරු තාක්ෂණ විෂයට අදාළ රාජකාරි
  • ලංකා ජාල ව්‍යාපෘතියට අදාල රාජකාරි
  • ගුරු තොරතුරු දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම
  • විෂයයන්ට අදාල වන පරිදි ගුරු තොරතුරු ශිෂ්‍ය සංඛ්‍යා තොරතුරු හා ප්‍රතිඵල ලේඛන ආදී තොරතුරු ඇතුලත් ගොනුවක් නඩත්තු කිරීම

පී.එච්. දුලීකා මිය
සංවර්ධන නිලධාරී
ශ්‍රේණිය II

  • විෂය සංවර්ධන වැඩ සටහන්වල මාසික ප්‍රගති වාර්තා අදාළ අංශ වෙත යොමු කිරීම.
  • ගණිතය /සංයුක්ත ගණිතය / ඉංජිනේරු තාක්ෂණවේදය යන විෂයන්ට අදාළ රාජකාරි කටයුතු
  • මානව ශාස්ත්‍ර විෂයන්ට අදාළ සියලු රාජකාරි කටයුතු
  • විෂයයන්ට අදාල වන පරිදි ගුරු තොරතුරු ශිෂ්‍ය සංඛ්‍යා තොරතුරු හා ප්‍රතිඵල ලේඛන ආදී තොරතුරු ඇතුලත් ගොනුවක් නඩත්තු කිරීම
ජී.කේ. හෂිණි සුදර්ශිකා මිය

ජී.කේ. හෂිණි සුදර්ශිකා මිය
සංවර්ධන නිලධාරී
ශ්‍රේණිය III

  • විෂය සංවර්ධන වැඩ සටහන්වල මාසික ප්‍රගති වාර්තා අදාළ අංශ වෙත යොමු කිරීම.
  • සියලුම ආගමික උත්සව සම්බන්ධ රාජකාරි
  • පිරිවෙන් අධ්‍යාපනයට සහ එහි විෂයයන්ට අදාල රාජකාරි කටයුතු
  • ව්‍යාපාර අධ්‍යනය, ගිණුම්කරනය, ව්‍යවසායකත්ව අධ්‍යානය යන විෂයන්ට අදාල රාජකාරි
  • ආර්ථික විද්‍යා විෂයට අදාල රාජකාරි කටයුතු ඵලදායිතා කටයුතු
  • දෙවන බස (දෙමළ හා සිංහල ) විෂයට අදාල රාජකාරි
  • විෂයයන්ට අදාල වන පරිදි ගුරු තොරතුරු ශිෂ්‍ය සංඛ්‍යා තොරතුරු හා ප්‍රතිඵල ලේඛන ආදී තොරතුරු ඇතුලත් ගොනුවක් නඩත්තු කිරීම

එස්. ඩබ්. ඉරෝෂා සුදර්ශනී මිය
සංවර්ධන නිලධාරී සේවය
ශ්‍රේණිය II

  • විෂය සංවර්ධන වැඩසටහන්වල මාසික ප්‍රගති වාර්තා අදාළ අංශ වෙත යොමු කිරීම.
  • උපදේශනය, මාර්ගෝපදේශනය විෂයන් හා මත්ද්‍රව්‍ය නිවාරන විෂයට අදාල රාජකාරි කටයුතු
  • පුස්තකාල විෂයට අදාල රාජකාරි කටයුතු
  • ගුරු උපදේශකවරුන්ට අදාල සියලුම රාජකාරි කටයුතු
  • තේමා 03 ට අදාල රාජකාරි කටයුතු
  • විෂයයන්ට අදාල වන පරිදි ගුරු තොරතුරු, ශිෂ්‍ය සංඛ්‍යා තොරතුරු හා ප්‍රතිඵල ලේඛන ආදී තොරතුරු ඇතුලත් ගොනුවක් නඩත්තු කිරීම
කේ.ජේ ශෂිකලා මිය

කේ.ජේ ශෂිකලා මිය
සංවර්ධන නිලධාරී
ශ්‍රේණිය III

  • විෂය සංවර්ධන වැඩසටහන්වල මාසික ප්‍රගති වාර්තා අදාළ අංශ වෙත යොමු කිරීම.
  • සෞඛ්‍ය හා ශා.අධ්‍යාපන විෂය/ විෂය සමගාමී හා විෂය බාහිර කටයුතු
  • කලාප ක්‍රීඩා වලට අදාළ රාජකාරී කටයුතු
  • අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනයට අදාළ කටයුතු
  • කලාප බාහිර ඇගයීම් වලට අදාළ රාජකාරි
  • විෂයයන්ට අදාල වන පරිදි ගුරු තොරතුරු, ශිෂ්‍ය සංඛ්‍යා තොරතුරු හා ප්‍රතිඵල ලේඛන ආදී තොරතුරු ඇතුලත් ගොනුවක් නඩත්තු කිරීම

ඒ. ජී. ඉසුරු උදාර මයා
කාර්යාල කාර්ය සහයක

  • නියෝජ්‍ය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ වරුන් ඇතුළු අධ්‍යාපන සංවර්ධන අංශයේ සියළුම නිලධාරීන්ගේ රාජකාරී කටයුතු සඳහා සහායක ලෙස කටයුතු කිරීම.
  • ශාඛාවේ ජායා පිටපත් යන්ත්‍රය භාරව කටයුතු කිරීම.
  • ශාඛාවේ පිරිසුදු කිරීමේ කාර්යයන් කාර්යාල පිරිසුදු කිරීමේ සේවාවේ සේවකයන් මඟින් නිසි පරිදි ඉටු කරවා ගැනීම.
  • ශාඛාවේ ලිපිගොනු සහ ලේඛන නිසි පරිදි සකස්කර ගැනීමට විෂය නිලධාරීන්ට සහය දීම
  • කාර්යාලයට පැමිණෙන සේවාලාභීන් සුදුසු පරිදි, විෂය අධ්‍යක්ෂවරුන් වෙත යොමු කිරීම.
  • ශාඛාවේ විෂය නිලධාරීන්ගේ ලිපි ගොනුව මාණ්ඩලික නිලධාරීන් වෙත යොමු කිරීම හා ඒවා නැවතත් විෂය නිලධාරීන්ට බෙදා දීම.
  • දුරකථන පණිවුඩ අදාළ නිලධාරීන් වෙත යොමු කිරීම.

ලබා දෙන සේවා

රාජකාරිය භාර නිලධාරී: එන්. නිරෝෂා මිය
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පාසල් වෙත ඇතුලත් කිරීමට සුදුසුකම් සහිත නිලධාරී මණ්ඩලයකින් යුතු තක්සේරු කමිටු වාර්තාවක් ලබා ගැනීම සිදුකල යුතුය.මෙම තක්සේරු කමිටු වාර්තාව පදනම් කරගෙන සිසුන් පාසල් වෙත ඇතුලත් කරයි.
ක්‍රියාවලිය
  • 01. ඉල්ලීම් ලිපිය සහ වෛද්‍ය වාර්තා භාර දීම.
  • 02. තක්සේරු කමිටුව වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගෙන තක්සේරුව ලබා දීම.
  • 03. එම තක්සේරුව පදනම් කර දරුවන් පාසල් වෙත යොමු කිරීම.
අවශ්‍ය ලේඛන
  • 01. ඉල්ලීම් ලිපිය. (දෙමාපියන්/විදුහල්පති)
  • 02. වෛද්‍ය වාර්තා